Sunday, December 14, 2008

සරසවියේ මුල් සිව් මස

කාලෙකින් තමා බ්ලොග් සටහනක් දාන්න වෙලාවක් ලැබුනේ.මම අලුත් අත්දැකීමක් මධ්‍යයේ හිටපු නිසා සහ අධ්‍යන කටයුතු නිසා ලියන්න වෙලාවක් තිබුනෙ නැහැ.සරසවියේ මුල් මාසය ගෙවිලා ඉවර වෙන දවසෙ,හරියටම කියනවනම් සැප්තැම්බර් පළවෙනිදා මූළික පිළිගැනීමේ උත්සවයක් තිබුනා.කෙටි කාලයකින් සූදානම් කරගත්ත නිර්මාණ කිහිපයක් මේ උත්සව‍යට එකතු වෙලා තිබ්බා.
මම හිටියෙ නාට්‍ය කණ්ඩායම සමඟ,රඟපාන්න බැරි උනත් තිර පිටපතක් ලියන්න උත්සහ කළා.මම ලිව්ව තිර පිටපත සජීවීව දැකගන්න ලැබිච්ච එක දැඩි සතුටක් උපදවන සිදුවීමක්.
එදායින් පස්සෙ අධ්‍යන වැඩ පටන් ගත්තා.දේශන ශාලාව,open එක,ගෙදර,ආපහු campus එක.එකාකාරී බවක් තිබුනා මුල්ම දවස් ටිකේ නම්.ඊට පස්සෙ ආපු පළවෙනි විෂය බාහිර වැඩේ තමා ශ්‍රමදානය.විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව මගින් මෙහයවපු මේ ශ්‍රමදානයට පළමු වසර වැඩි දායකත්වයක් තිබුනා.හැබැයි දන්නවනේ,ගොඩක් අය ඉතින් ICE ගහන්නනේ කැමති.හික් හික්.ශ්‍රමදානෙදී මටත් අමුතු අද්දැකීමකට මුහුණ දෙන්න සිදුවුනා.ඒක ඊළඟ සටහනෙන් කියන්නම්.
ආහ්...අලුත් වචනයක් කියන්න ඔනෙ නේ."අපාය".විද්‍යා පීඨයේ පුස්තකාලයෙම කොටසක්.මෙකට ගිහින් තම ගොඩක් අය පාඩම් කරන්නේ.පාඩම් කරනව කිව්වට කැගහන එක තම වැඩිපුර කරන්නෙ.

Wednesday, September 17, 2008

සරසවිය ,මම සහ අපි - 2

දෙවනි දවසෙත් කොහොම කොහොම හරි campus එකට ගියා.එදා තිබුණේ campus එක වටේ සවාරියක්.යනවා.යනවා.ඉවරයක් නෑ.මට නම් පටන්ගත්ත තැනවත් මතක නෑ ඉවර වෙන කොට.හික් හික්.කොහෙන් හරි අතඇරියනම් එහෙම ඉවරමතමා.මෙලෝ දෙයක් මතක නෑ වටේ ගියාට.එදා හවස අයියලා කතා කළා අපිට.කොළඹ සරසවියේ නවක වදයක් නැහැ.එකයි වැදගත් දේ.විශේෂයෙන් විද්යා පීඨයේ.එකේ කට්ටිය හදුනාගැනීම සහ එක් එක් අයගේ විශේෂ හැකියාවන් අදුනාගැනීමට පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා කරන්න. ඉස්කෝල මානසිකත්වයෙන් මිදිලා, අලුත් මානසිකත්වයක් හදා ගන්න campusඑක තුළ ගත කළ මුල් සති කිහිපය ඉවහල් උනා.

ආහ්...කියන්න ඔනෙම දෙයක් තියෙනවා.ඔය අනිත් බොහෝ campus වගේ අපේ එකේ ගැටි නෑ.කොළඹ අය වෙනම,දකුණෙ අය වෙනම.එහෙම එකක් අපේ එකේ නෑ.හැමෝම එකා වගේ තමා.

ලංකාවේ හැම එකකම ඊට අදාළ උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා.මහා සංස්කෘතියේ එක් එක් ලක්ෂණ සහ උප සංස්කෘතියට අදාළ සුවිශේෂි ලක්ෂණ මීට ඇතුළත්.මේ අතරින් විශ්වවිද්යාලයට අදාළ වචන සමූහයක් තියෙනවා. වචන එක එක එකට වෙනස් වෙනවා.

මෙවා කියන්න ගිහින් මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ.හික් හික්.වචන දෙක තුනක් ඒත් කියන්නම්.

අර අපි පළවෙනි දවසේ කතා කර කර හිටිය තැන.සාමන්යයෙන් නම් කැන්ටින් එක එහෙමත් නැත්තම් ආපන ශාලාව.ඒත් එකට අපි කියන්නෙ "open" එක එහෙමත් නැත්තම් "ඇරපු" එක කියල.හික් හික්. එකට හේතුව එක හැම පැත්තෙන්ම නිරාවරණය වී තිබීම.එකේ කෑම ගැන වෙනම ලියන්න ඔනේ.හික් හික්. අදට එපමණයි.පස්සෙ open එකට set වෙමු.

Tuesday, September 16, 2008

සරසවිය ,මම සහ අපි - 1

කට්ටියටම අයුබෝවන් කිව්වා.මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ.ඇතුළට ගිය ගමන් සෙට් උනා අපේ ඉස්කොලේ ළමයෙක්.මිනිහත් එක්ක කතා කර කර හිටියා.ඒ කාලෙ නම් අපි කතාකර කර හිටිය තැනට කිවෙවේ කැන්ටීන් එක කියල.
එදා ඉංග්‍රීසි ටෙස්ට් එක තිබ්බා නෙ,එක ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ.හික් හික්....A/L වලටත් A එකක් තිබ්බනේ.මාර කම්මැලී කාලෙකින් ප්‍රශ්න පත්තරයක් කරන්න.කොහොමහරි ඕක කර කර ඉන්න අතර තුරේ එළියෙන් ඇහුනා පෙළපාලියක් යන සද්දේ..එළමතමා...ආපු පළවෙනි දවසෙම වලියක් වගේ.හික් හික්...කොහොම හරි එක ලියල ඉවරවෙලා එළියට බැස්සා.එළියට එන තැන ඉදන් දිගටම අපිට ඉහළ batch එකේ අයියලා බලන් ඉන්නවා.no කතා,no සිනා.කොහොම හරි එදා නම් මුකුත් විශේෂ දෙයක් උනේ නෑ.shape එකේ ගෙදර ආවා.

Sunday, September 7, 2008

Saturday, August 23, 2008

දවල් හීනය

හීන...
ඇත්තවෙයිද?
මගේ මතයට අනුව හීන කියන්නෙ හිත පිළිඹිබු කරන කැඩපතක්.හිතේ තියෙන සමහර දේවල් ඇත්තටම හරියන්න පුලුවන්. ඒ නිසා දකින සමහර හීන හරියන්න පුලුවන්.සමහර වෙලාවට අපේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුනොවෙන්න පුලුවන්.එතකොට ඊට අදාළව දකින
හීනය හුදු හීනයක් පමණක්ම වෙන්න පුලුවන්.කෙටියෙන්ම කියනව නම් දවල් හීනයක්.

Friday, August 22, 2008

මේ මල,මළ සහ අනෙක් මල


සැකය........

හිතට සැකයක් දැනීම අපිට අසහනය ඇතිකරවන්නක්.සැකය කියන දේට නිර්වචනයක් දෙන්න පුලුවන්ද?
මට හිතෙන විදියට නම් සැකය කියන්නෙ තමන් විශ්වාස කරන දෙයක් පිළිබඳ විශ්වාසය අඩුකරන දෙයක්.ජීවිතය පුරාම සැක ඇතිවෙන තැන් අනන්තයි අප්‍රමාණයි.ඒත් වඩා වැදගත් දෙය වන්නෙ විශ්වාස කරන දේ හරියට විශ්වාස කිරීමයි.වෙන දෙයක් විශ්වාස කිරීමට පෙර තමා තමාට විශ්වාසවන්ත විය යුතුය.

Saturday, August 16, 2008

ජන ගීයට ටීකාවක්-1

අන්තර්ජාලයේ ඔහේ සැරිසරන අයට කරන්න වැඩක් නැත්නම් මේ බ්ලොග් සටහනට ගොඩවෙන්න.ගොඩවෙලා කියවන්න.රසවිදින්න.

ලාංකීය ජන ගී සම්ප්‍රදාය රැකගන්න තම දහඩිය මහන්සිය වැයකළ සැබෑ ජාතීප්‍රේමීන් පිළිබඳව ඉදිරි බ්ලොග් සටහන් කිහිපයේදී අපි කතා කරමු.
ඒ ප්‍රයත්නයේ පළමු අදියර ලෙස රෝහණ බැද්දගේ ශූරීන්ගේ "සසඳ සසඳ අපි මහ....."ගීතය ගැන විමසමු.

(ගීතය ලබා දීම පිළිබඳව ශිවන්ත අයියාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.)





"සසඳ සසඳ "

"ඔහොම යමං පුතා.....හෝව් හෝව්....ජහ්...ජහ්....."ඒ අපේ සීයාගේ
කටහඬයි.වයිරා දැඩි වෙහෙස මැද වුවද හෙමින් හෙමින් කන්ද මුදුනට ගෑටුවා."සීයේ
ඇයි කරත්තේ යනකොට කරත්ත කවි කියන්නෙ"


"ඇයි බං දැන් අපිටත් කොච්චර මහන්සිද බලපන් මේ දුර ඇවිල්ලා,අන්න ඒ වගේ
කරත්තෙ දක්කන මනුස්සයට මහන්සි උනාම ,ඒ වගේම පාලුවක් දැනුනාම තමා කවියක්
කියන්නෙ"."එහෙනං සීයෙ අපිත් කියමුකො කවියක්.."හ්ම්.....මතකත් නෑ වැඩිය
දැන්.."



කලු ගල් තලාලයි පාරට දමන්නේ...............
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ...........

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ........

කිරිගල්පොත්ත කන්දයි මේ අදින්නේ........



කටුක ජීවිතය,ග්‍රාම්‍ය බව,ඒ තුළින් මතුවන සුන්දරත්වය......




(thanks to the original posters of these two pics)





Thursday, August 14, 2008

කෙටි සටහන.....

"කාලය පැය විසිහතරයි
ඒ කියන්නේ මිනිත්තු එක්දහස් හාරසිය හතළිහයි
තත්පර වලින් ගත්තොත් අසූ හයදහස් හාරසීයයි"

මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ එක දවසක් ගැන.එක දවසක් කියන්නේ ජීවිතේ පොඩි කාලසීමාවක් වෙන්න පුළුවන්,ඒත් එක දවසක් ඇතුළත ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.
එක දවසක් තුළ ජීවිතය වෙනස් වෙනවද?
වෙන්න බෑ නේද?
එක පැයක් තුළ තමයි ජීවිතය වෙනස් වෙන්නෙ...
නෑ නෑ එක මිනිත්තුවක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
ඒත් නැනේ...තත්පරයක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
මෙහෙම එක තත්පරයක් තුළ වෙනස් වෙන දෙයකට නේ අපි මේ හෙන plan ගහන්නේ.අනේ මන්දා!

Tuesday, August 12, 2008

ලියන්න කම්මැලි අද...ඒත් පොඩි සටහනක් දාන්න හිතුනා.හිනාවෙන අය හිනාවෙන්න,අඬන අය අඬන්න,ඔහේ බලන් ඉන්න අය එහෙම බලන් ඉන්න.

ඔගොල්ලෝ කවදහරි තමන්ගෙ ජීවිතේ ගැන හිතලා තියනවද? බොහෝ විට උත්තරය "නෑ" කියන එකනෙ.උදේට නැගිටිනවා.රස්සාවට යන අය ඒවට යනවා,ඉස්කොලේ යන අය ඉස්කොලේ යනවා.මැෂින් වගේ වැඩ.ආපහු ගෙදර එනවා.කනව.ඒ අතරේ රූපවාහිනිය පෙනවා.නිදාගන්නව.

මේක තමයි මේ කාලේ ගොඩක් දෙනෙක්ගෙ කාලසටහන.
අපි ජීවිතය ගැන හිතන කාල ප්‍රමාණය සැහෙන්න අඩු වෙලා.සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් ජීවිතේ ගැන හිතලා අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා.ඒත් ජීවිතය කියන එක පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් විතරයි ඒක රසවිදින්න පුළුවන්..ඉතින් ඒ ගැන ටිකක් හිතලා බලන්න.

අදට එච්චරයි...
රවි ගේ බ්ලොග් සටහනට සෑම දෙනාම සාදරයෙන් පිළිගනිමි.....

Welcome to the Ravi's blog..........