Saturday, August 16, 2008

ජන ගීයට ටීකාවක්-1

අන්තර්ජාලයේ ඔහේ සැරිසරන අයට කරන්න වැඩක් නැත්නම් මේ බ්ලොග් සටහනට ගොඩවෙන්න.ගොඩවෙලා කියවන්න.රසවිදින්න.

ලාංකීය ජන ගී සම්ප්‍රදාය රැකගන්න තම දහඩිය මහන්සිය වැයකළ සැබෑ ජාතීප්‍රේමීන් පිළිබඳව ඉදිරි බ්ලොග් සටහන් කිහිපයේදී අපි කතා කරමු.
ඒ ප්‍රයත්නයේ පළමු අදියර ලෙස රෝහණ බැද්දගේ ශූරීන්ගේ "සසඳ සසඳ අපි මහ....."ගීතය ගැන විමසමු.

(ගීතය ලබා දීම පිළිබඳව ශිවන්ත අයියාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.)





"සසඳ සසඳ "

"ඔහොම යමං පුතා.....හෝව් හෝව්....ජහ්...ජහ්....."ඒ අපේ සීයාගේ
කටහඬයි.වයිරා දැඩි වෙහෙස මැද වුවද හෙමින් හෙමින් කන්ද මුදුනට ගෑටුවා."සීයේ
ඇයි කරත්තේ යනකොට කරත්ත කවි කියන්නෙ"


"ඇයි බං දැන් අපිටත් කොච්චර මහන්සිද බලපන් මේ දුර ඇවිල්ලා,අන්න ඒ වගේ
කරත්තෙ දක්කන මනුස්සයට මහන්සි උනාම ,ඒ වගේම පාලුවක් දැනුනාම තමා කවියක්
කියන්නෙ"."එහෙනං සීයෙ අපිත් කියමුකො කවියක්.."හ්ම්.....මතකත් නෑ වැඩිය
දැන්.."



කලු ගල් තලාලයි පාරට දමන්නේ...............
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ...........

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ........

කිරිගල්පොත්ත කන්දයි මේ අදින්නේ........



කටුක ජීවිතය,ග්‍රාම්‍ය බව,ඒ තුළින් මතුවන සුන්දරත්වය......




(thanks to the original posters of these two pics)





2 comments:

malee_msg said...

නියමයි මල්ලි හරිම ශොක් වැඩක්....අනික මේක මම ආස සිංදුවක් සිහල සංගීතය තියෙන !ර්‍

සම්පත් බංඩාර said...

මරු රවී...මේව මැකිල යන කාලෙ වටිනා කම‍ක් දීල රැකගෙන යන්න ඔයා කරන දේ නියමයි...සසඳ සසඳ සිංදුවෙ වගේම අපේ රංවල මහත්මාගෙ ඒවත් ඉදිරියෙදි අහන්න බලාපොරොත්තු වෙනව ඒවත් නිමම ලාංකීම උරුමයන්...නියමයි...