Thursday, August 14, 2008

කෙටි සටහන.....

"කාලය පැය විසිහතරයි
ඒ කියන්නේ මිනිත්තු එක්දහස් හාරසිය හතළිහයි
තත්පර වලින් ගත්තොත් අසූ හයදහස් හාරසීයයි"

මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ එක දවසක් ගැන.එක දවසක් කියන්නේ ජීවිතේ පොඩි කාලසීමාවක් වෙන්න පුළුවන්,ඒත් එක දවසක් ඇතුළත ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.
එක දවසක් තුළ ජීවිතය වෙනස් වෙනවද?
වෙන්න බෑ නේද?
එක පැයක් තුළ තමයි ජීවිතය වෙනස් වෙන්නෙ...
නෑ නෑ එක මිනිත්තුවක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
ඒත් නැනේ...තත්පරයක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
මෙහෙම එක තත්පරයක් තුළ වෙනස් වෙන දෙයකට නේ අපි මේ හෙන plan ගහන්නේ.අනේ මන්දා!

3 comments:

malee_msg said...

බෝංචි නතර කරපු තැනින් මම පටන් ගන්නවා...!අපි පව්..අපේ පාලනයෙන් එහාට යන දෙවලුත් අපේ වගේ කරගෙන අපි තීරණ ගන්නවා‍...හීන දකිනවා‍...ඒවා නැතිබංගස්තාන උනාම හුල්ලනවා...!සමහර විට එක් නැනෝතප්පරයක වෙන දෙයක් අපේ අවුරුදු ගානක හීන බිදලා දානවා!

නලින් (Boman) said...

කාලය කියන්නෙ එක අතකට මහ ව්‍යාජ තත්ත්වයක් නේද?

Asi said...

ඔක්කොම දීල තියෙන්නෙ Emotional feelings නෙ මම දෙන්නම් Practical comment ඒකක්.
අැත්තට අපි ගහන plan හරියන්නැත්තෙ කාලය නිසා නෙවෙයි. පරිසරය නිසයි පරිසරය වෙනස් වීම් සමග Plan ඒක වෙනස් වෙන්න ඔනෙ සාර්ථක වෙන්න නම්. හැබැයි ජිවිතෙම නිමෙෂයකින් වෙනස් වෙන්න පුලුවන් කියල නම් මම දන්නවා :D