Wednesday, September 17, 2008

සරසවිය ,මම සහ අපි - 2

දෙවනි දවසෙත් කොහොම කොහොම හරි campus එකට ගියා.එදා තිබුණේ campus එක වටේ සවාරියක්.යනවා.යනවා.ඉවරයක් නෑ.මට නම් පටන්ගත්ත තැනවත් මතක නෑ ඉවර වෙන කොට.හික් හික්.කොහෙන් හරි අතඇරියනම් එහෙම ඉවරමතමා.මෙලෝ දෙයක් මතක නෑ වටේ ගියාට.එදා හවස අයියලා කතා කළා අපිට.කොළඹ සරසවියේ නවක වදයක් නැහැ.එකයි වැදගත් දේ.විශේෂයෙන් විද්යා පීඨයේ.එකේ කට්ටිය හදුනාගැනීම සහ එක් එක් අයගේ විශේෂ හැකියාවන් අදුනාගැනීමට පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා කරන්න. ඉස්කෝල මානසිකත්වයෙන් මිදිලා, අලුත් මානසිකත්වයක් හදා ගන්න campusඑක තුළ ගත කළ මුල් සති කිහිපය ඉවහල් උනා.

ආහ්...කියන්න ඔනෙම දෙයක් තියෙනවා.ඔය අනිත් බොහෝ campus වගේ අපේ එකේ ගැටි නෑ.කොළඹ අය වෙනම,දකුණෙ අය වෙනම.එහෙම එකක් අපේ එකේ නෑ.හැමෝම එකා වගේ තමා.

ලංකාවේ හැම එකකම ඊට අදාළ උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා.මහා සංස්කෘතියේ එක් එක් ලක්ෂණ සහ උප සංස්කෘතියට අදාළ සුවිශේෂි ලක්ෂණ මීට ඇතුළත්.මේ අතරින් විශ්වවිද්යාලයට අදාළ වචන සමූහයක් තියෙනවා. වචන එක එක එකට වෙනස් වෙනවා.

මෙවා කියන්න ගිහින් මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ.හික් හික්.වචන දෙක තුනක් ඒත් කියන්නම්.

අර අපි පළවෙනි දවසේ කතා කර කර හිටිය තැන.සාමන්යයෙන් නම් කැන්ටින් එක එහෙමත් නැත්තම් ආපන ශාලාව.ඒත් එකට අපි කියන්නෙ "open" එක එහෙමත් නැත්තම් "ඇරපු" එක කියල.හික් හික්. එකට හේතුව එක හැම පැත්තෙන්ම නිරාවරණය වී තිබීම.එකේ කෑම ගැන වෙනම ලියන්න ඔනේ.හික් හික්. අදට එපමණයි.පස්සෙ open එකට set වෙමු.

7 comments:

malee_msg said...

ඕයි මල්ලි තෝසේ අරන් එනවකෝ ඕයි දවසක!

නලින් (Boman) said...

මටනම් රුපියල් විසි ගණනෙ කොත්තුවක් කන්න ආසයි. Open එකේ බිම දාගෙන උනත් කමක් නැහැ. :)

සම්පත් බංඩාර said...

මාරයි ඕකෙ branch එකක් මෙහෙ දන්න බැරිද කියල අහන්නකො මල්ලි..මෙහෙ පට්ට ගනං කොල්ලො...hikz hikz

Asi said...

hari dan owa athi kiyapan balanna BMICH eke monada une kiyala! :|

malee_msg said...

@Asi - hoda prashnayak malli! niyamai!

ශාකුන්තල | Shaakunthala said...

මලය science නේද? physicalද? බ්ලොග් එක දැනුයි දැක්කෙ. වැඩේ අල්ලල යනව.. දිගටම ලියන්න.
අර පළවෙනි දවසෙ වලිය මොකක්ද? ජූලි 6 මාර්ෂල් සිද්ධියද?
UOC ජීවිතේ ගොඩක් දේවල් තියෙනව තව ඔයාට ඉගෙනගන්න. සුභ පැතුම්.

Pahan said...

@මලී
UOC එවුන් කාටවත් කඩේ යන්නේ නෑ ඕයි. තෝසේ ඕනේ නම් ඒ පැත්තේ එනවා.

බ්ලොග් එක දැනුයි දැක්කෙ.මට මතකයි ඔය මල්ලිල ආපු පළවෙනි දවසේ මම කිව්ව පොඩි science පොඩි එවුන්ට, උන්ගේ අම්මල තාත්තලාට මොනවා හිතේවිද දන්නේ නෑ කියලා. මගේ ඉස්කෝලේ යාළුවො ටිකකුත් හිටියා. (අපේ පොඩි බැච් එකේ එවුන් නම් ඇවිත් ටිකක් කල් එතකොට ,උන්ට ඒ පැත්ත පළාතේ යන්න දුන්නේ නෑ අපි. ඇයි ඉතිං මොනවා හරි උනානම් කියන්නේ අපි උන්ව වලියට යැව්ව කියලනේ)
බ්ලොග් එක දැනුයි දැක්කෙ. මල්ලි බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට එකතු කරල නෑ වගේ.
http://blogs.sinhalabloggers.com/add-blog ගිහින් බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට එකතු කලොත් මීට වඩා කියවන්න අය ඉදීවි.
සුබ පැතුම්.