Tuesday, September 16, 2008

සරසවිය ,මම සහ අපි - 1

කට්ටියටම අයුබෝවන් කිව්වා.මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ.ඇතුළට ගිය ගමන් සෙට් උනා අපේ ඉස්කොලේ ළමයෙක්.මිනිහත් එක්ක කතා කර කර හිටියා.ඒ කාලෙ නම් අපි කතාකර කර හිටිය තැනට කිවෙවේ කැන්ටීන් එක කියල.
එදා ඉංග්‍රීසි ටෙස්ට් එක තිබ්බා නෙ,එක ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ.හික් හික්....A/L වලටත් A එකක් තිබ්බනේ.මාර කම්මැලී කාලෙකින් ප්‍රශ්න පත්තරයක් කරන්න.කොහොමහරි ඕක කර කර ඉන්න අතර තුරේ එළියෙන් ඇහුනා පෙළපාලියක් යන සද්දේ..එළමතමා...ආපු පළවෙනි දවසෙම වලියක් වගේ.හික් හික්...කොහොම හරි එක ලියල ඉවරවෙලා එළියට බැස්සා.එළියට එන තැන ඉදන් දිගටම අපිට ඉහළ batch එකේ අයියලා බලන් ඉන්නවා.no කතා,no සිනා.කොහොම හරි එදා නම් මුකුත් විශේෂ දෙයක් උනේ නෑ.shape එකේ ගෙදර ආවා.

7 comments:

malee_msg said...

anee UNi eke kauru hari meka dekala ravi wa poddak wediyen rag karannanooooooo

Bo said...

කිසිම කරදරයකින් තොරච නියමිත අවුරුදු ගනනින්ම ඩිග්‍රි එක ගොඩ දාගන්න හැකිවේවායි සුභ පතමි. මේ ගතවෙන්නේ ඔයාලගේ ජීවිතේ හොඳම කාලේ..

DHAMZ said...

ravi wa rag kaley nahai kiyanne :P

malee_msg said...

@dhamazz - wenna ethi u maha ejanthage puthaane...rag karanne nethuwa inna :P

DHAMZ said...

oya ala kathaawa maath ahala thiyanawa. widusara paththare ehema oka hena digata giya.

winayak enawa kiyana eka nam boru kathaawak mang kiyanne. mokada sinduwak keema, act karanna weema wage ekakin winayak enne kohomada? eeta wada barapathala rag gana nam kiyanna thiyenne itin thamanta wechcha de anungen piyawa ganeema wage wadak.

mang hitanne rag karana ayagen bahutaraya colombo walin pita jeewath wechcha aya.....moko hitanne kattiya ee gana?

ravi said...

@dhamz

ඔයාගේ තර්කය ගැන මෙහෙම දෙයක් කියන්න හිතුනා.මම අනිත් campus ගැන දන්නෙ නෑ.නමුත් අපේ එකේ විද්‍යා පීඨයේ නවක වදය නෑ.ඒත් අයියලා ඇවිත් කතා කිරීම මම නවක වදයක් විදියට දකින්නෙ නෑ.ඉස්කෝල මානසිකත්වෙයෙන් මිදිලා තමන් ගැන විතරක් නැතිව අන් අය ගැනත් හිතන්න මේ මුල් සති කිහිපය උදව් වෙනවා.
සංස්කෘතිය්ට පුරුදු වීම හිතනතරම් පහසු නෑ.සින්දුවක් කීම හෝ රගපෑම මගින් විනයක් ඇතිවෙන්නෙ නෑ.නමුත් එක් එක් අයගේ දක්ෂතා හදුනාගැනීමට එක ගොඩක් උදව් වෙනවා.හොඳම උදාහරණය අපි campus එකේ කරපු නාට්‍යය.මේ නාට්‍යය කරන කොට රගපාන්න පුලුවන් අය හොයගන්න අපිට උදව් උනේ ඔය මුල් කාලේ අපේ අය රගපාපු දේවල් තමා.
විශ්වවිද්‍යාලයක් තුළ විනය හදන්න ඉස්කොලේ වගේ principal ල නෑ.මොකද මේකට එන්නේ මොඩ අය නෙමේනේ.තමන් ගෙ සීමාවන් තුළ කටයුතු කිරිමට තමන් දැන ගත යුතුයි.
රැග් කිරිම කෙසේ වෙතත් අපෙ එකේ නම් අයියල ඇවිත් කතා කිරිමේ දී කොළඹ අය පිට අය කියල බේදයක් නෑ.හැමෝම කතා කළා.හැබැය මෙහෙම වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ science faculty එකේ විතරයි.හික් හික්

දොඩන් said...

කොළඹ විද්‍යා පීඨෙ විතරයි.....ඒක නං හැබෑව මාත් පේරා ඉඳං කොළඹ විද්‍යා පීඨෙට ආවෙ එහේ රැගත් කාලා