කාලෙකින් තමා බ්ලොග් සටහනක් දාන්න වෙලාවක් ලැබුනේ.මම අලුත් අත්දැකීමක් මධ්‍යයේ හිටපු නිසා සහ අධ්‍යන කටයුතු නිසා ලියන්න වෙලාවක් තිබුනෙ නැහැ.සරසවියේ මුල් මාසය ගෙවිලා ඉවර වෙන දවසෙ,හරියටම කියනවනම් සැප්තැම්බර් පළවෙනිදා මූළික පිළිගැනීමේ උත්සවයක් තිබුනා.කෙටි කාලයකින් සූදානම් කරගත්ත නිර්මාණ කිහිපයක් මේ උත්සවයට එකතු වෙලා තිබ්බා.
මම හිටියෙ නාට්‍ය කණ්ඩායම සමඟ,රඟපාන්න බැරි උනත් තිර පිටපතක් ලියන්න උත්සහ කළා.මම ලිව්ව තිර පිටපත සජීවීව දැකගන්න ලැබිච්ච එක දැඩි සතුටක් උපදවන සිදුවීමක්.
එදායින් පස්සෙ අධ්‍යන වැඩ පටන් ගත්තා.දේශන ශාලාව,open එක,ගෙදර,ආපහු campus එක.එකාකාරී බවක් තිබුනා මුල්ම දවස් ටිකේ නම්.ඊට පස්සෙ ආපු පළවෙනි විෂය බාහිර වැඩේ තමා ශ්‍රමදානය.විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව මගින් මෙහයවපු මේ ශ්‍රමදානයට පළමු වසර වැඩි දායකත්වයක් තිබුනා.හැබැයි දන්නවනේ,ගොඩක් අය ඉතින් ICE ගහන්නනේ කැමති.හික් හික්.ශ්‍රමදානෙදී මටත් අමුතු අද්දැකීමකට මුහුණ දෙන්න සිදුවුනා.ඒක ඊළඟ සටහනෙන් කියන්නම්.
ආහ්...අලුත් වචනයක් කියන්න ඔනෙ නේ."අපාය".විද්‍යා පීඨයේ පුස්තකාලයෙම කොටසක්.මෙකට ගිහින් තම ගොඩක් අය පාඩම් කරන්නේ.පාඩම් කරනව කිව්වට කැගහන එක තම වැඩිපුර කරන්නෙ.
Sunday, December 14, 2008
Subscribe to:
Post Comments (Atom)
4 comments:
මොකෝ මේ ලියන්න පටන් ගත්තේ? ඇගිලි වල හිරි ගියේ දැන්ද බොල ඉබ්බෝ!
මම හිතුවෙ අපාය කියන්නෙ කැම්පස් එකටම කියන වෙන නමක් කියලා. මොනා කරන්නද නොදන්න කමට. ලියන්න යද්දි හැමදාම මෙයා කියන්නෙ දිගටම ලියනව කියල තමයි. ඒ වුණාට ආයෙ ලියන්නෙ මාස ගානකට සැරයක්.
අපායවල් හැම කැම්පස් එකේම තියනව වගේ. මොකද මොරටුවෙත් අපාය කියල පාඩම් කරන පොට් එකක් තිබුන....
apaya mona campus ekda....
Post a Comment