Saturday, August 23, 2008

දවල් හීනය

හීන...
ඇත්තවෙයිද?
මගේ මතයට අනුව හීන කියන්නෙ හිත පිළිඹිබු කරන කැඩපතක්.හිතේ තියෙන සමහර දේවල් ඇත්තටම හරියන්න පුලුවන්. ඒ නිසා දකින සමහර හීන හරියන්න පුලුවන්.සමහර වෙලාවට අපේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුනොවෙන්න පුලුවන්.එතකොට ඊට අදාළව දකින
හීනය හුදු හීනයක් පමණක්ම වෙන්න පුලුවන්.කෙටියෙන්ම කියනව නම් දවල් හීනයක්.

Friday, August 22, 2008

මේ මල,මළ සහ අනෙක් මල


සැකය........

හිතට සැකයක් දැනීම අපිට අසහනය ඇතිකරවන්නක්.සැකය කියන දේට නිර්වචනයක් දෙන්න පුලුවන්ද?
මට හිතෙන විදියට නම් සැකය කියන්නෙ තමන් විශ්වාස කරන දෙයක් පිළිබඳ විශ්වාසය අඩුකරන දෙයක්.ජීවිතය පුරාම සැක ඇතිවෙන තැන් අනන්තයි අප්‍රමාණයි.ඒත් වඩා වැදගත් දෙය වන්නෙ විශ්වාස කරන දේ හරියට විශ්වාස කිරීමයි.වෙන දෙයක් විශ්වාස කිරීමට පෙර තමා තමාට විශ්වාසවන්ත විය යුතුය.

Saturday, August 16, 2008

ජන ගීයට ටීකාවක්-1

අන්තර්ජාලයේ ඔහේ සැරිසරන අයට කරන්න වැඩක් නැත්නම් මේ බ්ලොග් සටහනට ගොඩවෙන්න.ගොඩවෙලා කියවන්න.රසවිදින්න.

ලාංකීය ජන ගී සම්ප්‍රදාය රැකගන්න තම දහඩිය මහන්සිය වැයකළ සැබෑ ජාතීප්‍රේමීන් පිළිබඳව ඉදිරි බ්ලොග් සටහන් කිහිපයේදී අපි කතා කරමු.
ඒ ප්‍රයත්නයේ පළමු අදියර ලෙස රෝහණ බැද්දගේ ශූරීන්ගේ "සසඳ සසඳ අපි මහ....."ගීතය ගැන විමසමු.

(ගීතය ලබා දීම පිළිබඳව ශිවන්ත අයියාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.)





"සසඳ සසඳ "

"ඔහොම යමං පුතා.....හෝව් හෝව්....ජහ්...ජහ්....."ඒ අපේ සීයාගේ
කටහඬයි.වයිරා දැඩි වෙහෙස මැද වුවද හෙමින් හෙමින් කන්ද මුදුනට ගෑටුවා."සීයේ
ඇයි කරත්තේ යනකොට කරත්ත කවි කියන්නෙ"


"ඇයි බං දැන් අපිටත් කොච්චර මහන්සිද බලපන් මේ දුර ඇවිල්ලා,අන්න ඒ වගේ
කරත්තෙ දක්කන මනුස්සයට මහන්සි උනාම ,ඒ වගේම පාලුවක් දැනුනාම තමා කවියක්
කියන්නෙ"."එහෙනං සීයෙ අපිත් කියමුකො කවියක්.."හ්ම්.....මතකත් නෑ වැඩිය
දැන්.."



කලු ගල් තලාලයි පාරට දමන්නේ...............
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ...........

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ........

කිරිගල්පොත්ත කන්දයි මේ අදින්නේ........



කටුක ජීවිතය,ග්‍රාම්‍ය බව,ඒ තුළින් මතුවන සුන්දරත්වය......




(thanks to the original posters of these two pics)





Thursday, August 14, 2008

කෙටි සටහන.....

"කාලය පැය විසිහතරයි
ඒ කියන්නේ මිනිත්තු එක්දහස් හාරසිය හතළිහයි
තත්පර වලින් ගත්තොත් අසූ හයදහස් හාරසීයයි"

මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ එක දවසක් ගැන.එක දවසක් කියන්නේ ජීවිතේ පොඩි කාලසීමාවක් වෙන්න පුළුවන්,ඒත් එක දවසක් ඇතුළත ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.
එක දවසක් තුළ ජීවිතය වෙනස් වෙනවද?
වෙන්න බෑ නේද?
එක පැයක් තුළ තමයි ජීවිතය වෙනස් වෙන්නෙ...
නෑ නෑ එක මිනිත්තුවක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
ඒත් නැනේ...තත්පරයක් ඇති ජීවිතය වෙනස් වෙන්න...
මෙහෙම එක තත්පරයක් තුළ වෙනස් වෙන දෙයකට නේ අපි මේ හෙන plan ගහන්නේ.අනේ මන්දා!

Tuesday, August 12, 2008

ලියන්න කම්මැලි අද...ඒත් පොඩි සටහනක් දාන්න හිතුනා.හිනාවෙන අය හිනාවෙන්න,අඬන අය අඬන්න,ඔහේ බලන් ඉන්න අය එහෙම බලන් ඉන්න.

ඔගොල්ලෝ කවදහරි තමන්ගෙ ජීවිතේ ගැන හිතලා තියනවද? බොහෝ විට උත්තරය "නෑ" කියන එකනෙ.උදේට නැගිටිනවා.රස්සාවට යන අය ඒවට යනවා,ඉස්කොලේ යන අය ඉස්කොලේ යනවා.මැෂින් වගේ වැඩ.ආපහු ගෙදර එනවා.කනව.ඒ අතරේ රූපවාහිනිය පෙනවා.නිදාගන්නව.

මේක තමයි මේ කාලේ ගොඩක් දෙනෙක්ගෙ කාලසටහන.
අපි ජීවිතය ගැන හිතන කාල ප්‍රමාණය සැහෙන්න අඩු වෙලා.සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් ජීවිතේ ගැන හිතලා අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා.ඒත් ජීවිතය කියන එක පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් විතරයි ඒක රසවිදින්න පුළුවන්..ඉතින් ඒ ගැන ටිකක් හිතලා බලන්න.

අදට එච්චරයි...
රවි ගේ බ්ලොග් සටහනට සෑම දෙනාම සාදරයෙන් පිළිගනිමි.....

Welcome to the Ravi's blog..........