දෙවනි දවසෙත් කොහොම කොහොම හරි campus එකට ගියා.එදා තිබුණේ campus එක වටේ සවාරියක්.යනවා.යනවා.ඉවරයක් නෑ.මට නම් පටන්ගත්ත තැනවත් මතක නෑ ඉවර වෙන කොට.හික් හික්.කොහෙන් හරි අතඇරියනම් එහෙම ඉවරමතමා.මෙලෝ දෙයක් මතක නෑ වටේ ගියාට.එදා හවස අයියලා කතා කළා අපිට.කොළඹ සරසවියේ නවක වදයක් නැහැ.එකයි වැදගත් ම දේ.විශේෂයෙන් ම විද්යා පීඨයේ.එකේ කට්ටිය හදුනාගැනීම සහ එක් එක් අයගේ විශේෂ හැකියාවන් අදුනාගැනීමට පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා කරන්න. ඉස්කෝල මානසිකත්වයෙන් මිදිලා, අලුත් මානසිකත්වයක් හදා ගන්න campusඑක තුළ ගත කළ මුල් සති කිහිපය ඉවහල් උනා.
ආහ්...කියන්න ඔනෙම දෙයක් තියෙනවා.ඔය අනිත් බොහෝ campus වගේ අපේ එකේ ගැටි නෑ.කොළඹ අය වෙනම,දකුණෙ අය වෙනම.එහෙම එකක් අපේ එකේ නෑ.හැමෝම එකා වගේ තමා.
ලංකාවේ හැම එකකම ඊට අදාළ උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා.මහා සංස්කෘතියේ එක් එක් ලක්ෂණ සහ උප සංස්කෘතියට අදාළ සුවිශේෂි ලක්ෂණ මීට ඇතුළත්.මේ අතරින් විශ්වවිද්යාලයට අදාළ වචන සමූහයක් තියෙනවා.ඒ වචන එක එක එකට වෙනස් වෙනවා.
මෙවා කියන්න ගිහින් මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ.හික් හික්.වචන දෙක තුනක් ඒත් කියන්නම්.